ජාතික හැඳුනුම්පත් විස්තර සොයන්න

උපන්දිනය, වයස සහ ස්ත්‍රී/පුරුෂ භාවය තත්පරයෙන් බලාගන්න

100% පෞද්ගලිකයි • දත්ත කිසිවක් ගබඩා නොවේ

ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න

පැරණි (ඉලක්කම් 9) සහ නව (ඉලක්කම් 12) අංක දෙකම භාවිතා කළ හැක

හැඳුනුම්පත් අංකය හැදෙන හැටි

ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය තුළ සැඟවී ඇති තොරතුරු මෙන්න

PRE-2016

පැරණි ක්‍රමය (ඉලක්කම් 9)

2016 ට පෙර නිකුත් කළ හැඳුනුම්පත්

YYDDDNNNNC
  • YY - උපන් වර්ෂයේ අග ඉලක්කම් 2
  • DDD - වර්ෂයේ දිනය (පිරිමි අය සඳහා 001-366, කාන්තාවන් සඳහා 501-866)
  • NNNN - අනුක්‍රමික අංකය
  • C - ඉංග්‍රීසි අකුර (V හෝ X)
උදාහරණ: 941234567V
POST-2016

නව ක්‍රමය (ඉලක්කම් 12)

2016 ට පසු නිකුත් කළ නව හැඳුනුම්පත්

YYYYDDDNNNNN
  • YYYY - උපන් වර්ෂය සම්පූර්ණයෙන්
  • DDD - වර්ෂයේ දිනය (පිරිමි අය සඳහා 001-366, කාන්තාවන් සඳහා 501-866)
  • NNNNN - අනුක්‍රමික අංකය
උදාහරණ: 199412345678

💡 විශේෂ කරුණ: කාන්තාවන් සඳහා වර්ෂයේ දින අගයට 500ක් එකතු කර ඇත

ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පතේ ඉතිහාසය

ජාතික හැඳුනුම්පත (NIC) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අනන්‍යතා ලේඛනයයි. මෙය නිකුත් කරනු ලබන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) මගිනි. 1972 දී ආරම්භ වූ මෙය ශ්‍රී ලාංකික පුරවැසියන් ලියාපදිංචි කිරීමේ වැදගත්ම සන්ධිස්ථානයකි.

1972 සිට ස්මාර්ට් හැඳුනුම්පත දක්වා

මුල් කාලයේදී භාවිතා වූයේ ඉලක්කම් 9ක අංක ක්‍රමයකි. එහි මුල් ඉලක්කම් දෙක උපන් වර්ෂය විය. ජනගහනය වැඩිවීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීම සඳහා 2016 දී ඉලක්කම් 12ක නව ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම නව 'Smart NIC' පතෙහි ජෛව මිතික දත්ත සහ තීරු කේත (Barcode) අන්තර්ගත වේ.

ජාතික හැඳුනුම්පත වැදගත් වන්නේ ඇයි?

වයස අවුරුදු 16ට වැඩි සියලුම පුරවැසියන් සඳහා මෙය අනිවාර්ය වේ. පහත කටයුතු සඳහා NIC අත්‍යවශ්‍ය වේ:

  • මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කිරීමට
  • විදේශ ගමන් බලපත්‍ර හෝ රියදුරු බලපත්‍ර ලබා ගැනීමට
  • බැංකු ගිණුම් ආරම්භ කිරීමට
  • ජාතික විභාග සඳහා පෙනී සිටීමට

නිතර අසන ප්‍රශ්න

හැඳුනුම්පත් අංකයෙන් උපන්දිනය හොයාගන්නේ කොහොමද?

ඔබේ හැඳුනුම්පත් අංකය ඉහත කොටුවේ ඇතුළත් කරන්න. පැරණි අංකයක් නම් මුල් ඉලක්කම් දෙකෙන්ද, නව අංකයක් නම් මුල් ඉලක්කම් හතරෙන්ද උපන් වර්ෂය පෙන්වයි. ඊළඟ ඉලක්කම් තුනෙන් ඔබ උපන් දිනය නියෝජනය වේ.

පැරණි සහ නව හැඳුනුම්පත් අංක අතර වෙනස මොකක්ද?

පැරණි අංකවල ඉලක්කම් 9ක් සහ අගට V හෝ X අකුරක් තියෙනවා. අලුත් අංකවල ඉලක්කම් 12ක් විතරයි තියෙන්නේ. අලුත් අංක වල උපන් අවුරුද්ද ඉලක්කම් 4කින්ම තියෙනවා.

මේකෙන් විස්තර බලන එක ආරක්ෂිතද?

ඔව්, 100% ක්ම ආරක්ෂිතයි. ඔබ ඇතුළත් කරන කිසිම අංකයක් අපේ සර්වර් වලට යන්නේ නෑ. සම්පූර්ණ ගණනය කිරීම සිදුවන්නේ ඔබේ දුරකථනය හෝ පරිගණකය තුළමයි.

හැඳුනුම්පත් අංකයෙන් ස්ත්‍රී/පුරුෂ බව හොයන්නේ කොහොමද?

හැඳුනුම්පත් අංකයේ වර්ෂයට පසුව එන ඉලක්කම් තුනෙන් මෙය තීරණය වෙනවා. ඒ අගය 500ට අඩු නම් පිරිමි කෙනෙක්, 500ට වැඩි නම් කාන්තාවක්. (කාන්තාවන් සඳහා දින අගයට 500ක් එකතු කරලා තියෙන්නේ).

මගේ හැඳුනුම්පත් අංකය වැරදියි කියල පෙන්නන්නේ ඇයි?

ඔබ අංකය හරියටම ටයිප් කළාද කියලා බලන්න. පරණ එකක් නම් ඉලක්කම් 9 යි අකුරයි තියෙන්න ඕනේ. අලුත් එකක් නම් ඉලක්කම් 12ම තියෙන්න ඕනේ. ඉලක්කම් අතර හිස්තැන් තියන්න එපා.

මේක රජයේ වෙබ් අඩවියක්ද?

නැහැ. මෙය ඔබට පහසුවට හදපු පුද්ගලික වෙබ් අඩවියක්. නිල කටයුතු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අමතන්න.

ඕනෑම අවුරුද්දක හැඳුනුම්පතක් මේකෙන් බලන්න පුලුවන්ද?

ඔව්, පැරණි සහ නව ඕනෑම වර්ගයක හැඳුනුම්පත් අංකයක් මේ හරහා පරීක්ෂා කරගන්න පුළුවන්.

ෆෝන් එකෙනුත් මේක පාවිච්චි කරන්න පුලුවන්ද?

ඔව්, ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් මේ වෙබ් අඩවියට ඇවිත් ලේසියෙන්ම විස්තර බලාගන්න පුළුවන්.

සමහර පරණ අංක වල අගට V නැතුව X තියෙන්නේ ඇයි?

බොහෝ දෙනෙක්ට තියෙන්නේ V අකුර. ඒත් සමහර අයට X අකුර ලැබිලා තියෙනවා. ඒකෙ ගැටළුවක් නෑ, හැඳුනුම්පත වලංගුයි.

මට මේ විස්තර ෂෙයා කරන්න පුලුවන්ද?

ඔව්, පහළ තියෙන බොත්තම් පාවිච්චි කරලා WhatsApp හෝ Facebook හරහා යාලුවන්ටත් මේ ගැන කියන්න පුළුවන්.

ඔබේ රහස්‍යභාවය සුරකිමු

කිසිම දත්තයක් ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් පිටතට යන්නේ නැත

  • සියලුම දේ සිදුවන්නේ ඔබේ බ්‍රවුසරය තුළමයි
  • අපි ඔබේ දත්ත කිසිවක් ගබඩා කරගන්නේ නැත
  • කිසිම ආකාරයක ලුහුබැඳීමක් (Tracking) සිදු නොවේ
  • 100% ක් විශ්වාසවන්තයි

යාලුවන්ටත් කියන්න

වගකීම් ප්‍රකාශය

මෙය දැනුවත් කිරීම සඳහා සැකසූ වෙබ් අඩවියකි. මෙහි පෙන්වන තොරතුරු 100% ක් නිවැරදි වීමට උත්සාහ කර ඇතත්, නිල කටයුතු සඳහා භාවිතා කිරීමේදී හැඳුනුම්පතේ සඳහන් තොරතුරු තහවුරු කරගන්න.